May 05, 2024

මධුසමය නිරෝදායනයේ දී

නිරෝධායන නීති කඩකරමින් පැවැත්වූ  විවාහ මංගල උත්සවයක් වැටලීමට යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියා කර තිබෙනවා.

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ නිවසක මෙම විවාහ උත්සවය පවත්වා ඇති අතර එය වැටලූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තීරණය කර ඇත්තේ එයට සහභාගී වූ 16 දෙනෙකු එම නිවසේ දීම නිරෝදායනයට ලක් කිරීමට යි.

මෙම පිරිසට මනාල යුවළ ද ඇතුලත්.

මේ අතර අදාළ වැටලීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය එම නිවස වෙත ගමන් කළ අවස්ථාවේදී විවාහ මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි පිරිසක් පලා ගොස් ඇති බව ද වාර්තා වෙනවා.

පොලීසියේ ද සහය ගෙන එම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදමින් සිටින බවයි යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 08:41