April 26, 2024

රටේ නායකයා වෙන්න සුදුසුකම් හරි - නාමල් ගැන ආණ්ඩුවේ ඇමැති කියයි (VIDEO)

මෙරට නායකයා වීමට නාමල් රාජපක්ෂ මහතාගේ දෛවයේ ඇත්නම් එය සිදුවනු ඇති බවත් එය කාටවත් නැවැත්විය නොහැකි බවත් රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු මේ අදහස් පල කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේ 2022දී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අගමැතිවරයා වන බවට කතාබහක් ඇතිව තිබෙන බවත් ඒ පිලිබඳ ඔබතුමාගේ මතය කුමක්ද යන්නයි.

නායකයන් අනපේක්ෂිතව බිහි වනවා සේම නායකයන් අනපේක්ෂිතව දේශපාලනයෙන් බැහැර වෙන බව ඉතිහාසය තුළ අත්දැකීමට තිබූ දේවල් බව ද ඇමතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතාට ඒ සඳහා අවශ්‍ය මූලික අධ්‍යාපන සුදුසුකම් ද පවුල් පසුබිම ඇතුළු සුදුසුකම් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති බවත් දෙවතාවක්ම වැඩිම මනාප ගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේර පත් වූ බවත් අමාත්‍යවරයා සිහිපත් කළා.

එය කොයි වකවානුවේද සිදු වන්නේදැයි කිව නොහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)