April 27, 2024

මීලඟ අගමැති පුටුව නාමල්ට? ආණ්ඩුවේ මතය ප්‍රකාශයට

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා පිළිබඳ රජය සිය මතය ඊයේ(08) ප්‍රකාශයට පත් කළා. 

ඒ ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟය.

නාමල් රාජපක්ෂ අමත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරනවා. 

එවන් ප්‍රකාශ හුදෙක් දේශපාලන ‍ප‍්‍රකාශ පමණක් බව කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා සඳහන් කළා.

හෙට දිනයේ වෙනත් අයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ යයි වාර්තා පළ විය හැකි යයිද එවන් ප්‍රකාශයන් මාධ්‍ය විසින් බැරෑරුම් ලෙස නොසැලකිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කාර්යභාරය ගැන මේ දිනවල කාගෙත් කතාබහට ලක්වනවා. ඔහු මේ දිනවල ඉතාමත් සක්‍රීය විදිහට කටයුතු කරන ආකාරය පේනවා, ජනතාව දැන් අහන්නේ 2022 මැතිවරණයට කලින් ඔහු මීළඟ අගමැතිවරයා වෙයිද කියලා? ඒ ගැන ඔබතුමා කියන්නේ මොකද්ද? යැයි මාධ්‍යවේදියෙකු කෙහෙළිය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊට මෙලෙස පිළිතුරු දුන්නා ”මම හිතන්නේ මේවා දේශපාලනයේ තියන සැක සහිත දේවල්. දැනට පැතිරෙමින් පවතින කතා දිහා අපි බැලුවොත් මේ වගේ හෙට තව නමක් ගැන කතා කරන්න පුළුවන්. මම නම් වශයෙන් කියන්න ඕනා නෑ ඒවා. මාධ්‍යවේදියෙක් විදිහට ඔබ ඒවා දිහා බරපතළ විදිහට බලන්න එපා. ඒවා රට පුරා පැතිරෙන කතා විතරයි. මෙහෙ විතරක් නෙමෙයි ලෝකේ පුරාම කටකතා පැතිරෙනවා. ඒ හින්දා මේ දේවල් නිශ්චිතව තහවුරු වෙනකන් අපි ඒ ගැන වැඩිය හිතන්න හොඳ නැහැ. සමහරවලොවය මේවා චෝදනා විතරයි”

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 00:03