May 12, 2024

තවත් කොවිඩ් මරණ 43ක් තහවුරුයි - 24 වියැති තරුණියකුත් ඒ අතර

නව මරණ කොවිඩ් 19 ආසාදිත මරණ පිළිබඳ වාර්තාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) රාත්‍රියේ ද නිකුත් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ නිකුත් කළ මෙම වාර්තාවට අනුව තහවුරු  වී ඇති නව කොවිඩ් මරණ ගණන 43ක්.

ඊයේ දින මරණ 04ක් ද මැයි 20 - මැයි 30 කාලය තුළ සිදු වූ මරණ 39ක් ද කොවිඩ් 19 ආසාදිතව මිය ගිය බවට තහවුරු වූ බව එහි දැක්වෙනවා.

24 හැවිරිදි තරුණියක් ද මෙම පිරිස අතර වීම විශේෂත්වයක්.

මෙම මරණත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 1484ක්.

අලුතෙන් තහවුරුවූ මරණ පිළිබඳ සවිස්තර වාර්තාව පහතින්..

Rate this item
(0 votes)