May 14, 2024

වාහන සහ මාස්ක් ගැන පොලීසියෙන් දැනුම් දීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මුව ආවරණ පැළඳීම පිළිබඳව ඊයේ විශේෂ පැහැදිළි කිරීමක් සිදු කළා.

යම් අයෙකු සිය පුද්ගලික වාහනයේ තනිව ගමන්ගන්නේ නම් මුව ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම පුද්ගලික වාහනය තුළ සිය පවුලේ සාමාජිකයින් සමග පමණක් ගමන් ගන්නේ නම් ද මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොමැති බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් ඥාතීන් වුව ද වෙනම නිවසක පදිංචි පුද්ගලයින් සමග ගමන් ගන්නේ නම් එම අවස්ථාවේ දී අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බව අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

එමෙන්ම කාර්යාල ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේ දී මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නා.

මේ කුමණ අවස්ථාවක වුව ද මුව ආවරණ පැළඳ සිටිය ද නොපැළඳ සිටිය ද පොලීසිය විසින් තම වාහනය නවතන ලෙස සංඥා කළ පසු වාහනය නවතා වීදුරුව පහත් කිරීමට පෙර මුව අවරණය පැළඳීම සිදු කළ යුතු බව ද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 16 May 2021 08:17