April 27, 2024

මව, පියා දෙදෙනාම ආසාදිත වූ විට දරුවන් රැගෙන යන තැන තීරණය කෙරේ

බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අවස්ථාවක ඔවුන්ගේ දරුවන් සඳහා වෙනත් භාරකරුවෙකු නොමැති නම් එම පවුල් ඒකකවල රැකවරණය අහිමිවන දරුවන් පරිවාස දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට තීරණය වී තිබෙනවා.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මේ බව අනාවරණය කළා.

ආසාදිත මව සහ පියාට අමතරව වෙනත් ලඟම ඥාතීයෙකු නොමැති දරුවන් මෙලෙස යටියන්තොට ගොමාඩුව පිහිටි මධ්‍යස්ථානය වෙත යොමු කරන බවයි ඔහු පවසන්නේ.

සබරගමුව පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදුවන බව ද ඔහු සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 May 2021 07:48