April 26, 2024

ලාංකිකයින්ට ඩුබායි යෑම තහනම්

රටවල් කිහිපයක සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම තහනම් කිරීමට එරට හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල සිට පැමිණෙන සියලුම පුද්ගලයින් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන්.

එහෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් හට මෙම තහනම බල නොපාන බව ද පැවසෙනවා.

කොවිඩ් 19 වෛරසය සිය රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 09:54