May 05, 2024

කොවිඩ් රෝගීන් නැතැයි ඇමැති ගාමිණී ලොකුගේ කියපු පිළියන්දල පොදු වෙළෙඳ පොළ වසා දමයි

කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

වෙළෙඳපොළේ පුද්ගලයින් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

පසුගිය 07 වනදා  269 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.

මීට පෙර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය වසා දැමූ අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද නොදැනුවත්ව එය නැවත විවෘත කිරීමට කටයුතු කර තිබිණි. ඒ සඳහා තමන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද සඳහන් කරන ලදී.

කෙසේවෙතත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ පිළියන්දල නගරයේ කොවිඩ් රෝගීන් නොමැති බවත් පොදු වෙළෙඳපොල ව්‍යාපාරිකයින්ට විවෘත කළ යුතු බවත්ය. 

Rate this item
(0 votes)