May 10, 2024

(EXCLUSIVE) සිංහරාජය ගැන හඬ නැගු භාග්‍යාගේ විභාග ප්‍රතිඵල එයි - ඊළඟට කරන්න යන දේ ගැනත් කියයි

පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහකට ලක් වූ සිදුවීමක් වන සිංහරාජ මායිමේ ඉඩමක වන සිදුවන වන විනාශය හෙළි කළ භාග්‍යා අබේරත්න සිසුවියගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

2020 වසරේ දී රත්නපුර, ගොඩකවෙල රාහුල ජාතික පාසලේ ගණිත අංශයෙන් භාග්‍යා අබේරත්න උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියාය.

ඒ අනුව ඒෂියන් මිරර් වෙත වාර්තා වූයේ භාග්‍යා ඇය ඉදිරිපත් වූ විෂයන් සඳහා සාමාන්‍ය සාමාර්ථ 03ක් (S සාමාර්ථ) තුනක් හිමිකරගෙන ඇති අතර ඇය උසස් පෙළ විභාගයෙන් සමත්ව ඇති බවයි.

කෙසේ වෙතත් භාග්‍යා විසින් ඇයගේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයක් සඳහා යොමු කිරීමටද සුදානම් වන බවට ඒෂියන් මිරර් කළ වැඩිදුර සොයා බැලීමකදී දැනගන්නට ලැබුණි.

රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට ඇය ඉදිරිපත් වූ අතර එහි තිබූ පරිසරය පිළිබඳව ප්‍රශ්නයකදී ඇය සිංහරාජ වන මායිමේ සිදුවන පරිසර විනාශයක් පිළිබඳව පළමුවරට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළාය. 

මෙම සිදුවීමෙන් පසුව පක්ෂ විපක්ෂ දේශපාලනය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවන් සහ පරිශිලකයන් අතර ඇයගේ හෙළිදරව්ව දැඩි ලෙස කතාබහකට ලක් විය.

Rate this item
(1 Vote)

Related items