March 29, 2024

(EXCLUSIVE) භාග්‍යා හෙළි කළ ඉඩම ගැන තවත් හෙළිදරව්වක් - සින්නක්කර ඔප්පු හැදුවේ කොහොමද?

භාග්‍යයා අබේරත්න තරුණිය හෙළිදරව් කළ සිංහරාජ ඉඩමේ සින්නක්කර අයිතිය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් ඒෂියන් මිරර් වෙත සිදු කරන ලදී.

අදාළ ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමක් (LRC) බව හෙළිදරව් කරන උන් වහන්සේ LRC ඉඩමකට පෞද්ගලික ඔප්පු තිබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයා ද වන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ නීති විරෝධී මෙම ඔප්පුව සම්බන්ධයෙන් ආණ්ඩුව වහා පරීක්ෂණයක් සිදුකොට අවශ්‍ය පියවර ගත යුතු බවය.

උන්වහන්සේ මේ අදහස් පල කලේ භාග්‍යයා අබේරත්න තරුණිය හෙළිදරව් කළ ඉඩම සම්බන්ධයෙන් එම ඉඩමේ වත්මන් අයිතිකරුවන් වන සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ගුරුගේ පවුල විසින් එම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මාධ්‍යයට නිකුත් කොට ඇති නිවේදනය ගැන ඒෂියන් මිරර් කළ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ගුරුගේ පවුල සිය නිවේදනය මගින් සඳහන් කරන්නේ අදාල ඉඩම වසර 45 කට අධික කාලයක් පෞද්ගලික ඉඩමක් ලෙස පැවත එන බවත් පත්තිරු සහිත පැරණි තේ වගාවකින් සමන්විත ලියාපදිංචි සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් බවය.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 March 2021 16:08

Related items