March 28, 2024

භාග්‍යා අබේරත්න හෙළි කළ සිංහරාජ ඉඩමට පහළ ඉඩම ගැනත් විශේෂ හෙළිදරව්වක්

වත්මන් රජයට විරුද්ධව බෝර්ඩ් එල්ලගෙන කෑගහන පුද්ගලයෙකුගේ ඉඩමක් භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළි කරන ලද ඉඩම ආසන්නයේ ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා සිටියි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටියේ “ මේ රජය මොනම හේතුවක් නිසාවත් සිංහරාජය විතරක් නෙමෙයි, වෙන රක්ෂිතයක්වත් විනාස කරන්න අපි දෙන්නේ නැහැ.. අපේ ආණ්ඩුවක් කාලේ තමයි මෙවා සිංහරාජයට ඇතුළත් කරන්න කටයුතු කළේ.. වෙන ආණ්ඩුවක් කාලේ නෙමෙයි..” යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ “හැබැයි අපිට විරුද්ධව බෝඩ් එල්ලගෙන කෑගහන කෙනෙක්ගේ ඉඩමක් මේ පල්ලෙහා තියෙනවා..ඒගොල්ලොන්ගේ ආණ්ඩුව කාලේ ඩෝසර් කරලා, මල් තවාන් දාලා ඒවා කරන කොට කවුරුවත් නැහැ..” යනුවෙනි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (25) දිනයේ දී භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළි කරන ලද සිංහරාජ වන විනාශය සිදුවන ඉඩම නිරික්ෂණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Rate this item
(0 votes)

Related items