April 27, 2024

භාග්‍යා හෙළි කළ ඉඩම බලන්න පොහොට්ටුවෙන් යයි

භාග්‍යා අබේරත්න නම් 19 හැවිරිදි තරුණිය විසින් වන විනාශයක් සිදු වෙනවා යැයි හෙළි කරන ලද සිංහරාජ මායිමේ ඇති ඉඩම බැලීම සඳහා  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  නවක මන්ත්‍රීන් දස දෙනෙකු සමඟින් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ (25) දිනයේ දී ගොස් තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොතුපිටිය මාර්ගයේ බෝවිටියතැන්න නම් මෙම ඉදිකිරීම් සිදු කරන ස්ථානයට මෙම මන්ත්‍රීවරුන් පිරිස පැමිණ තිබුණු මෙම අවස්ථාව සඳහා වන සංරක්ෂණ නිලධාරීන් ග්‍රාම නිළධාරීවරයා ඇතුලු රාජ්‍ය නිළධාරීන් ප්‍රදේශවාසීන් පැමිණ සිටියහ.

මෙහිදී අදාළ ඉඩම නිරීක්ෂණය කිරීමෙන් අනතුරව මන්ත්‍රීවරුන් පිරිස රාජ්‍ය නිළධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය සොයාබැලීමද සිදු කළහ.

එහිදී අනාවරණය වී තිබුණේ මෙම ඉදි කිරීම් සිදුවන ඉඩම පුද්ගලික ඉඩමක් බවත් එය සිංහරාජ රක්ෂිතයේ සිට කිලෝමීටර් දහයකින් පමණ දුරින් ඇති බවත් අමාත්‍යවරයා සහ පැමිණි මන්ත්‍රීවරුන් අදහස් පළ කරන ලදී. 

කෙසේ වූවද එම ඉඩම අවට ඇත්තේ පරිවාර කැළයන් බවත් එහෙත් මෙම සිද්ධියට අදාල ඉඩම ව්‍යාපාරිකයෙකුට අයත් පුද්ගලික ඉඩමක් බවත් තහවුරු විය.

Rate this item
(1 Vote)

Related items