March 28, 2024

“මේ ඉඩම් රැක ගත්තේ අපි - මොනා හරි වුණොත් පාරට බහිනවා” - භාග්‍යා ගැන ගමේ මිනිස්සු කියන කතාව

භාග්‍යා අබේරත්න තරුණිය විසින් හෙළි කරන ලද ඉඩම පිළිබඳව එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එස්.කරුණාදාස මහතා විසින් ජාතික පුවත්පතක් වෙත අදහස් පළ කර තිබුණි.

60 වැනි වියේ පසුවන කරුණාදාස මහතා විසින් එහිදී පවසා තිබුණේ කලවාන ප්‍රාදේශීය සභාවේ උඩපත්තුව දොලේකන්ද වසම බෝටියතැන්න ඉඩම අක්කර තිස්හයක් පවතින බවයි. එමෙන්ම වසර 30කට පෙර එම ඉඩමේ තේ වගා කර තිබුණු බවද ඔහු සඳහන් කර තිබුණි. ඔහු ඒ පිළිබඳව සඳහන් කරමින් පවසා සිටියේ “..අපේ ආතලා මුත්තලා තමයි ඒව කරල තියෙන්නෙ. අක්කර හතහමාරක් පුද්ගලයන් තිදෙනෙකු විසින් අරගෙන තිබෙන බවයි ආරංචිය…” ලෙසිනි.

කරුණාදාස මහතා විසින් ඉඩමේ වර්තමානයේ ඉදිවෙන නිවාස තුන පිළිබඳවද සඳහන් කර සිටි අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම ඉඩමේ අයිතිකරුවන් විසින් පරිසරය ට හානියක් නොවන ලෙස අදාළ ඉඩම් සංවර්ධනය කිරීම සතුටට කරුණක් බවයි.  

කුකුල් කෝරලය සහ අටකලන්කෝරලය වෙන් වෙන්නෙත් එම ප්‍රදේශයෙන් බවද ඔහු සඳහන් කළේය.

භාග්‍යා විසින් විසින් ඇය මෙම සිදුවීම මුලින්ම හෙළි කරන ලද ප්‍රශ්න විචාරත්මක වැඩසටහනේ දී පැවසූ අලින් පිළිබඳවද කරුණාදාස මහතා පවසා සිටි අතර ඔහු සඳහන් කළේ “..සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සැරිසරන අලියකු මේ ප්‍රදේශයේ ආසන්නයේ රැඳී සිටින්නෙ නැහැ..” යනුවෙනි එමෙන්ම ඔහු තවදුරටත් කියා සිටියේ “...ප්‍රධාන මාර්ගයේ ගොස් ටික දුරකින් නැවත වනයට යනවා. මම ගමේ කෙනෙක් හැටියට මේ ඉඩම තුළ පරිසරය ට හානියක් වෙනව නම් ඒකට එකෙන්ම අකමැතියි. නමුත් දැනට මෙම ඉඩම් වල අයිතිකරුවන්ට මෙම ඉඩම ලැබීමත් පරිසරයට වෙච්චි ආශීර්වාදයක්…” යනුවෙනි.

එමෙන්ම කරුණදාස මහතාද මෙම ඉඩම් ගැටලුව ගැන හෙළිදරව්වක් කරමින් පවසා සිටියේ අදාළ ඉඩමටත් එහා ඇති කැළෑ  ප්‍රදේශයට වෙන්න තවත් පුද්ගලයන් සතු පුද්ගලික ඉඩම් ඇති බවයි. ඔහු ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කර සිටියේ “ඒවත් සංවර්ධනය වෙනවා. නමුත් කිසිවකු ඒ ගැන කතා කරන්නෙ නෑ.” යනුවෙනි.

කරුණාදාස මහතා විසින් පවසා සිටියේ භාග්‍යාගේ සිදුවීම හරහා රටටම සිදුවී තිබෙන දෙය පැහැදිළි බවයි. ඒ ගැන ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “..කොතනකින් හරි අහුල ගත්ත සටන් පාඨයක් එක්ක රට ගිනි තියන එක එදත් වුණා... අදත් අපූරුවට ඒක සිදු වෙනවා.නමුත් පරිසරය ට හානියක් වෙනවනම් ඉස්සෙල්ලා ම පාරට බහින්නෙ මම.. මොකද මීට පෙර අයිතිකරුවන් කරන්න ගිය අපරාධය වැළැක්වීම ට අපි දිවිහිමියෙන් කැපවුණා…” යනුවෙනි.

ඔහු එහිදී හෙළි කර සිටියේ  “..හමුදාවේ කර්නල් කෙනෙක් ඇවිත් මේ ඉඩමේ තිබුණු කුඩා ගස්ටික ඔක්කොම කැපුවා. ජල බෝතල් කිරීමේ ව්‍යාපෘතියක් කරන්න. ගම්මුන් ඒකට විරුද්ධව කටයුතු කළා. රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටත් විරුද්ධව අපි කතා කළා. නමුත් දැන් කරන්නෙ ඉඩම සංවර්ධනය කිරීමක්...” යනුවෙනි.

Rate this item
(1 Vote)

Related items