April 26, 2024

(EXCLUSIVE) මැයි රැලිය පොහොට්ටුව එක්කද ? ශ්‍රීලනිපය එක්කද ? අවසන් තීන්දුව අප්‍රේල් 19

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව සිය විකල්ප කණ්ඩායම මැයි දිනය පවත්වනවාද නැද්ද යන්න එළඹෙන 19 වැනි දින පැවැත්වෙන රැස්වීමේදී තීරණයක් ගන්නා බව උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා ඒෂියන් මිරර් වෙත සදහන් කරයි.

ශ්‍රීලනිපය සමග එකට එක්ව සිය පක්ෂ 12 කින් සමන්විත විකල්ප කණ්ඩායම මැයි දිනය පැවැත්විය යුතු බවට ප්‍රබල යෝජනාවක් තිබෙන බවද ගම්මන්පිල අමාත්‍යවරයා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් මීට ටික දිනකට පෙර ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ හිටපු ජනපතිවරයාද සහභාගි වූ ශ්‍රීලනිපය සහ සිය විකල්ප කණ්ඩායම අතර පැවති සාකච්ඡාවේදී දීර්ඝව සාකච්ඡා කළ බවද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ ශ්‍රීලනිපය සමග එක්ව පක්ෂ 12 විකල්ප කණ්ඩායම මැයි දිනයේ පවත්වන වාද යන්න ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ශ්‍රීලනිපයේ මෙන්ම ගම්මන්පිල අමාත්‍යවරයා නියෝජනය කරන විකල්ප 12 කණ්ඩායමද පොදුජන පෙරමුණේ සන්ධාන ගත පාර්ශවයන් වුවත් පොදුජන පෙරමුණ ශ්‍රීලනිපය ඇතුළු සුළු පක්ෂ වලට දක්වන අඩු සැලකිල්ල මත මේ වන විට දෙපාර්ශ්වය අතර මත ගැටුමක් ද නිර්මාණය වී තිබේ.

වෙනම මැයි රැලියක් පැවැත්වීම එම මත ගැටුමේ එක් ප්‍රතිඵලයකි.

මැයි දින රැලි වෙනම පැවැත්වීම පිළිබඳව සංවිධාන කටයුතු ශ්‍රීලනිපය බොහෝ කලක සිට කරමින් තිබුණු අතර ශ්‍රීලනිප මැයි රැලිය පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 April 2021 10:06