April 27, 2024

පාම් තෙල් ආනයනයට විශේෂ බලපත්‍රයක් - ප්‍රමිති ආයතනයටත් උඩින් වැඩ කරන්න ඇමැති බන්දුල සූදානම්

රසකැවිලි හා බේකරි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පාම් තෙල් ආනයනය කිරීමට විශේෂ බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඒ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිණි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

"මේ සඳහා දීර්ඝ කාලින වශයෙන් රට තුල සංවාදයක් තිබෙනවා කිරිපිටිවල වෛද්‍ය විශේෂඥවරුනුත් කියනවා සීනිවල, කිරිපිටිවල ඒ යම් යම් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා කියලා මනුෂ්‍ය ශරීර සෞඛ්‍යට අහිතකර. මට මතකයි අපේ බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා මේ විෂය භාර අමත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී මේ කිරිපිටි සමාගම්වලට විරුද්ධව ආණ්ඩුව පැත්තේ හිටගෙන වුණත් විශාල සටනක් ගෙනිච්චා. නමුත් ඒ ආණ්ඩුව හිටියේ ඒ පැත්තේ නෙවෙයි. ඒ නිසා රුපියල් දෙකට කිරිපිටිවල බද්ද අඩු කළා. අඩු කරලා කිරිපිටි තොග වශයෙන් එන්න දුන්නා. ඒ දෙනකොට ඒට විරුද්ධ පැත්තේ තමයි ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හිටගෙන හිටියේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වශයෙන්.

"ඒ නිසා එතුමාට ස්තූතිවන්ත වෙනවා. මේ ප්‍රමිති ආයතනය ඇතුළු සියලුම ආයතනවල ප්‍රමිතීන් පිලිබඳ කටයුතු කරන්න ඊට උඩින් මගේ අමාත්‍යංශය යටතේ ආයතනයක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රතීතන ආයතනය කියලා. ප්‍රතීතන ආයතනය මේ ආයතනවල පර්යේෂනාගර ක්‍රමවේදයන් පිළිබඳව පුද්ගලයන්ට හරස් වෙලා නතර කරන්න බැරි නියාමනයක් උඩින් කරනවා. අපි බලයට පත් වුණාට පස්සේ මේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවා. ඒ අනුව මම වගකීමකින් යුතුව කියනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පසු වෛද්‍ය පිඨයේ විශේෂිත රසායනාගාරයක් පිහිටුවලා තියෙනවා ලෝකය විසින් පිළිගන්න."

"ඒක මම දැන ගැනීම සඳහා තමයි කියන්නේ. කාට හරි සැකයක් තියෙනවා නම් මම බලාපොරොත්තු වෙනවා කිරිපිටි වර්ගත්, අනිත් මේ ප්‍රශ්න තියෙන දේවලුත් විශ්වවිද්‍යාලයට යොමු කරන්න. පුද්ගලික අංශයේ ආයතනයක් තියෙනවා, තව රත්මලානේ ආයතනයක් තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමට ලක් වෙච්ච ආයතන දෙකක් තියෙනවා. ඒ නිසා අපිට මේ මම මේ ආයතනවලට හදිසියේ එන්න කියලත් තියෙනවා සාකච්ජාවකට. එතුමා කියන තර්කය හරි. මේ දැන් අතිගරු ජනාධිපතිතුමා විසින් කටුපොල් වගාව හා ෆාම් ඔයිල් ආනයනය තහනම් කළා. එහෙම කලාම වෙනම මතවාදයක් ගෙනියනවා බේකරි කර්මාන්තය ඉවරයි. බිස්කට් කර්මාන්තය ඉවරයි යනාදී වශයෙන්. ඒවා සාධාරණ නැහැ. මොකද හේතුව අපි බිස්කට් කර්මාන්තයටත්, බේකරි කර්මාන්තයටත් බලපත්‍රයක් ලබා දෙනවා ඔවුන්ගේ යෙදවුම් වලට අවශ්‍ය ෆාම් ඔයිල් හිඟයකින් තොරව ගෙන්න ගන්න. ඒ නිසා කවුරුත් කලබල වෙලා බය වෙන්න නරකයි අපි රට පැත්තේ හිටගෙන රටේ දේශීය පොල්තෙල් කර්මාන්තය නගා සිටුවන්නත්, පොල් කර්මාන්තය නගා සිටුවන්නත් ක්‍රියා කරන අතර විදේශ වලට ෆාම් ඔයිල් වෙනුවෙන් ඇඳිලා යන මුදල් අඩු කරලා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය දෙන්න කටයුතු කරලා තියෙනවා."

Rate this item
(2 votes)
Last modified on Wednesday, 07 April 2021 12:43