April 27, 2024

අපි ආණ්ඩුව තුළ කචල් දාන බව ඇත්ත: ඒ ඇයි?

ආණ්ඩුව ඇතුළේ අර්බුදයන් ද ? මණ්ඩලයේ කචල් ද ? කියා බොහෝ තැන්වලදී බොහෝ අය තමන්ගෙන් අසන බව උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

එම පැනයට පිළිතුරු දෙමින් ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ "අපි ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව ඇත්ත. ඒ ආණ්ඩුව නැති කරන්න නෙමෙයි ආණ්ඩුව රැක ගන්න ඕන නිසා" බවය.

ආණ්ඩුව ඇතුළේ අරගලය කරන්නේ "මේ රටේ ජනතාව තැබූ විශ්වාසය රැකගන්න. මේ රටේ ජනතාව දුන්නු ජනවරම රැකගන්න. හැට නම ලක්ෂයේ අභිලාෂය ඉටුකරන්න" බවද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබු ඇතැම් කරුණු ජනතාව ලබාදුන් ජනවරමට පටහැනි බවත් ජනවරම ආරක්ෂා කරනවා නම් ඒ මුලින් තිබූ සංශෝධන ඒමට නොහැකි බවත් පෙන්වාදෙන ගම්මන්පිල අමාත්‍යවරයා ජනතාව දුන් ජනවරම ආරක්ෂා කරනවා නම් නිලධාරීන්ට එරෙහිව දේශපාලන අධිකාරියට ක්‍රියාත්මක විය නොහැකි බවද අවධාරණය කරයි.

ඒ නිසා මේ ආණ්ඩුවට වරදින තැන දී ඊට එරෙහිව හඬ නගා එය නිවැරදි කළ යුතු බව ගම්මන්පිල අමාත්‍යවරයා මතක් කර දෙයි.

වත්මන් ආණ්ඩුව නිසි මගට ගෙන යෑම මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න කියපු තමන් ඇතුළු ප්‍රගතිශීලී කඳවුරේ වගකීමක් බවද ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව ආ දුර කෙටියි යා යුතු දුර දිග බැවින් නිවැරදි කළ යුතු තැන ආණ්ඩුව නිවැරදි කර ගැනීමට තමන් පසුබට නොවන බවද අවධාරණය කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 07:41