May 02, 2024

කට්ට නැති ටයර් ඇති බට්ටා ලොරි වලට දඩ නෑ : සහනයක් දෙනවා - කෘෂිකර්ම ඇමති

ගොවියන් විසින් සිය නිෂ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කරන කුඩා ලොරි රථ වල කට්ට නැති ටයර් සඳහා දඩ ගහන තීරණයට තමන් අදම(23) සහනයක් ලබාදීම සඳහා පොලිස්පතිවරයාට කතා කරන බව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විපක්ෂයට පොරොන්දු විය.

දින තුනක් ඇතුළත වාහන වල ටයර් කට්ට නැති ටයර් යථා තත්ත්වයට පත්කර කර ගන්නා ලෙසත් ඉන්පසු ටයර් කට්ට නැති වාහන සඳහා දඩ ගසන බවට පොලිස්පතිවරයා විසින් නිකුත් කොට නිවේදන සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

කුඩා ලොරි රථ සඳහා ටයර් හිඟයක් පවතින මේ ව්‍යවස්ථාවේ මේ ආකාරයෙන් හිටි හැටියේ දඩ ගැසීම වසංගත තත්වය හමුවේ අන්ත අසරණ භාවයට පත්වී තිබෙන ගොවියා "ගහෙන් වැටුන මිනිසාට ගොනා ඇන්නා" වගේ තත්ත්වයකට පත් කරන බව පෙන්වා දෙමින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ මේ සඳහා ගොවියන්ට කාලයක් ලබාදෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් අලුත්ගමගේ අමාත්‍යවරයා ඉහත සඳහන් පොරොන්දුව දෙන ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 17:09