May 17, 2024

ආණ්ඩුව ගේන්න වැඩකළ ප්‍රබලයින් පිරිසක් විපක්ෂය එක්ක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක්

February 01, 2021

යුද්ධය අවසන් කළ මහින්ද, ගෝඨාභය සුසංයෝගය කිසිසේත් මෙරට ජාතික සම්පත් විකුණන්නේ නැති බවත් වරාය නැගෙනහිර ජැටිය විකිනීමට හෝ බදු දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මහින්ද ගෝඨාභය සුසංයෝගය මෙරට ජනතා අපෙක්ෂාවන් බිද නොදමන බව සහතික යැයි අවධාරණය කරන ඇමතිවරයා විපක්ෂය මේ වන විට රට තුළ බොරු වපුරමින් ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය කර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිද දැමීම සදහාද ක්‍රියාත්මක වූයේ මේ හා සමාන කුමන්ත්‍රණයක් බවත් පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ ගම්පහ විකල්ප මාර්ගයේ වසර 100 ක් පමණ පැරණි පාලම් ත්‍රිත්වය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරමින් පෙරේදා (30) පැවති උත්සවයකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

‘‘අද රට තුල ආණ්ඩුව විවේචනය කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. විපක්ෂයට ඕනෑ මේක ආණ්ඩු විරෝධි රැල්ලක් කර ගන්න. අදාහනයද, භූමදානයද, දම්මික පැණිය, වරාය නැගෙනහිර ජැටිය සංචාරකයන් දිවයිනට ගෙන ඒම, පාසල් විවෘත කිරීම වගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විපක්ෂය රට තුල බොරු වපුරනවා ඒකට අපේ අයත් අහු වෙනවා. මේවා ගැන ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කලත් විපක්ෂය දිගටම බොරුව අරගෙන යනවා සමහර වෙලාවට ආණ්ඩුවේ ප්‍රකාශයට වඩා මිනිස්සු විශ්වාස කරන්නේ මේ විපකෂයේ බොරුව කනගාටුවට කරුන තමයි අපිට මේ ආණ්ඩුව ගන්න උදව් කරපු සමහර අයත් මේ බොරුව විශ්වාස කරන එක 2015 දී සිද්ද වුනෙත් මේකමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න මේ විදිහටම බොරු මතවාද සමාජගත කළා අපේම සමහර අයත් මේ කුමන්ත්‍රණයට අහු වුනා ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට විපක්ෂය ආරම්භ කර තිබෙනවා ඊට බටහිර බලවේග වල සහයත් ලැබෙනවා 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණු කුමන්ත්‍රණයම තමයි අද මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුවට එරෙහිව අළුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නේ.

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් රට තුල මතුව ඇති කථා බහා විරෝධයක් එවැන්නක් වරාය නැගෙනහිර ජැටිය බදු දෙන්න හෝ විකුණන් ආණ්ඩුව මෙතෙක් තීරණය කර නැහැ. අපි ජාතික සම්පත් රකින ආණ්ඩුවක් මිස විකුණන ආණ්ඩුවක් නෙවෙයි. මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් තමයි මේ රට දශක තුනක යුද්ධයෙන් බේරාගත්තේ ඒ සුසංයෝගයම තමයි මේ රට නැවත ගොඩ නැගුවේ මහින්ද ගෝඨාභය සුසංයෝගය කවදාවත් මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ. ඔවුන් එහෙම කළ අය නෙවෙයි. ඔවුන් කිසිදා තමන්ට ලැබුනු ජන වරම පාවා දෙන්නේ නැහැ ඒ නිසා වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වෘතීය සමති මහා සංඝරත්නය මතු කර ඇති අදහස් පිලිබදව රජය අවධානය යොමුව තිබෙනවා. විපක්ෂය හදන්නේ බොරදියේ මාලු බාන්න ඒකට අපි ඉඩ තියන්නේ නැහැ.

දැන් බලන්න කොවිඩ් එන්නත එජාපයයි සජබයයි ජවිපේයයි තුන්ගොල්ලොම රට තුල මහා ගෝෂාවක් නැගුවා කොවිඩ් එන්නත ගෙන්නේ නැහැ කියලා ඉන්දියාවෙන් ඒකට අපිට ලැබුනම දැන් කියනවා කොවිඩ් එන්නත ගබඩා කරන්න පහසුකම් නැහැලු එන්නත ලබා දීමේ ක්‍රමවේදයක් නැහැලු මේවගේ විවිධ චෝදනා. විපක්ෂය කරන්නේ බොරු කියමින් ජනතාව රවටන එක. එක බොරුවක් සමාජ ගත කරලා ඒ බොරුව බොරුවක් විදිහට ඔප්පු වුනත් තවත් එය කියමින් යනවා. බොරු කියලා මේ ආණ්ඩුව වට්ටන්න බැහැ ජනාධිපතිතුමා පත්වෙලා වසරයි. ආණ්ඩුව පත්වෙලා මාස 05 යි මේක ජනතාවාදී ආණ්ඩුවක් මිසක් ජනතා විරෝධී ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා ජන මතයට පිටින් අපි කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ.“ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(3 votes)