April 27, 2024

මම පොලීසිය මකලා හරි හදනවා - බැරිනම් මේ තනතුරෙන් යනවා (VIDEO)

November 28, 2020

තමා පොලිසිය හදන බවත්, එසේ කරන්නට බැරි නම් මෙම තනතුරින් ඉවත් වන බව නව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඒ සඳහා තමා පොලිසියේ දූෂිත හා අකර්මණ්‍ය තැන් ඉතා ඉක්මනින් සුද්ධ පවිත්‍ර කරන බවද නව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හා පාතාලය සමඟ පැවැත්වූ සම්බන්ධතා සියල්ලම සොයා බලන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම කිසිදු චූදිතයෙකුට ගැලවීමට අවස්ථාවක් නොතියන බවට ද අමාත්‍යවරයා ජනතාවට සහතිකයක් දෙයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉටු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සරත් වීරසේකර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැඩසටහනට එක් වෙමිනි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 28 November 2020 18:59

Related items