April 26, 2024

නාමල්ට සනීප නැහැල්ලු - පාර්ලිමේන්තු එන්නත් බෑලු - LPL බලන්න ගියෙත් නෑලු

November 28, 2020

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව දැනුවත් කරන ලදී.

විශේෂයෙන්ම අද (28) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුන ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී විෂය භාර අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා සභාවේ නැත්තේ ඇයිදැයි විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප විටක්ම කරන ලද ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලෙස ආණ්ඩු පක්ෂය නාමල් රාජපක්ෂ මහතාගේ අසනීප තත්ත්වය සභාවට දැනුම් දෙන ලදී.

මේ වන විට සූරියවැව පැවැත්වෙන LPL ක්‍රිකට් තරගාවලියේ සමහර සමාරම්භක උත්සවයට ද අසනීප තත්ත්වය මත නාමල් රාජපක්ෂ මහතා සහභාගී නොවූ බවත් ඔහු එම සමාරම්භක අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතූ බව ද ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට අනාවරණය කරන ලදී.

නාමල් රාජපක්ෂ මහතා කුමන රෝගයෙන් පෙළෙන්නේ දැයි කිසිවකුත් අනාවරණය නො කිරීම ද විශේෂත්වයකි.

Rate this item
(14 votes)
Last modified on Saturday, 28 November 2020 19:09