April 27, 2024

රියාජ් බදියුදීන් නිදහස් කළේ ඉහළින් ආ නියෝගයකට නොව පහලින් ආ නියෝගයක් මතයි

රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරනු ලැබුවේ ඉහළින් ආ බලපෑමක් නිසා නොව පහලින් ආ බලපෑමක් නිසා බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කල්ලියට උදව් උපකාර කිරීම යන චෝදනාව යටතේ රියාජ් බදියුදීන් මහතාව මාස 5 හමාරක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරන ලදී.

එහෙත් ඔහුව හිටියෙම එම දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීම පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100කට වඩා අත්සන් කරන ලද ලිපියක් ජනාධිපතිවරයාට භාර දී තිබෙන බව සඳහන් කරන ගම්මන්පිල මහතා ඉන් ඔහුව නිදහස් කිරීමට බලපෑම් කලේ කවුරුන් දැයි සොයා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා වෙත යැවීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර මෙම ලිපිය මන්ත්‍රීවරුන් ස්වාධීනව ගත් තීරණයකට අනුව කළ එකක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Rate this item
(1 Vote)