April 27, 2024

සහල් සඳහා පනවා ඇති උපරිම මිල වෙනස් කරන්නේ නැති බවට ඇමැති බන්දුලගෙන් සහතිකයක්

සහල් සඳහා දැනට පනවා ඇති උපරිම සිල්ලර මිල ලබන වසර තුළ ද වෙනස් නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සහල් තොග සඟවමින් වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් ඇති කිරීමට උත්සහ කළහොත් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවය.

බෝකුන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Rate this item
(0 votes)