April 27, 2024

වෛද්‍ය පීඨවලට ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කරයි

September 08, 2020

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවක දී එම තීරණය ගෙන ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෛද්‍යපීඨ සහිත සියලු රජයේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුවය.

සිසුන් වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා එකවර මෙපමණ සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ඒ අනුව, 2019 වසරේ පවත්වන ලද අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් මෙහි අරමුණ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Rate this item
(1 Vote)