April 27, 2024

'හොරු අල්ලන්න අළුත් නීති, අළුත් අධිකරණ ගේනවා' (VIDEO)

අලුතින් අධිකරණ පිහිටුවා හෝ අලුතින් නීති සකසා හෝ හොරුන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (06) ඇල්පිටියේ  එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනන දීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ජනාධිපති තුමත් අගමැතිතුමාත් පොරොන්දූ වුනා ජනවාරි වැනිදායින් පස්සේ එයාපෝර්ට් වහනවා කියල. එයාපෝර්ට් වහල හොරු අල්ලලා ඒ ගත්ත ඒවා රාජසන්තක කරනවා කිවුව. දැන් ජනාධිපති තුමා කියනවා ඒ හොරුන්ගේ ණය ප්‍රමාණය කෝටි ලක්ෂ 9 ක්  කියල. ඒ අයගෙන් ඒවා අයකරගන්න තියෙනවා. ඒව අයකරගන්න මේ අය හිරේ දාල පරීක්ෂණ කරන්න වෙනවා. ඒවා දේශපාලන පලිගැනීම් නෙමෙයි. මේවා ඡන්ද පොරොන්දු.“

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

Rate this item
(0 votes)