May 03, 2024

දිළින්දන් පාර්ලිමේන්තු ඇවිත් කෝටිපතියෝ වුණු හැටි රන්ජන් කියයි (VIDEO)

පාර්ලිමේන්තුවට පැමිණෙද්දී බොහොම දිළිඳු ජීවිත ගතකරපු ඇතැම් මන්ත්‍රීවරුන් කෙටි කාලයක් ඇතුළත කෝටිපතියන් වී ඇති බවත් ඒ පිළිබඳව තොරතුරු සෙවීමේ කාර්යයට විවිධ බාධා පැවැති බවත් රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනතින් පසු එවැනි අය රාජ්‍ය මුදල් අවභාවිත කළේ කෙසේදැයි යන්න ජනතාවට දැනගැනීමට හැකිවන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

වීඩියෝව පහතින් > > > 

එමෙන්ම අදවන විට සුපිරි ජීවිත ගතකරන ධනපතින්ගේ නිරුවත හෙළිකරගැනීමට ද මින් හැකිවන බව රාමනායක මහතා පැවසුවා.

ජනාධිපති අරමුදලේ මුදල් පසුගිය පාලන සමයේ දී භාවිත කර තිබූ ආකාරය සිතා ගැනීමටවත් නොහැකි බවත් ඇතැම් ඇමතිවරු තමුන්ගේ ඉණ බිඳගත් අවස්ථාවල දී, දණහිස් බිඳගත් අවස්ථාවල දී එම අරමුදලින් කෝටි දෙකේ සිට කෝටි අට දක්වා භාවිත කර ඇති බවත් ඔහු හෙළිදරව් කළා.

වීඩියෝව පහතින් > > > 

එවන් ක්‍රියා පිළිබඳ තොරතුරු සෙවීමට යාමේ දී ඒවා හෙළිකරගැනීමට ක්‍රමයක් නොමැතිව තිබූ බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම මහීපාල හේරත් මහඇමතිවරයා දේශපාලනයට පැමිණෙද්දී ඔහු සතුව තිබුණේ පාපැදියක් බවත් අදවන විට පිහිණුම් තටාක දෙකක් පවා තිබෙන නිවාස ඔහු සතුව ඇති බව ද රාමනායක මහතා පැවසුවා.

මහඇමතිවරයාගේ වත්කම් බැරකම් සෙවීමේ දී ද ගැටළු මතු වූ බව රාමනායක මහතා පැවසූ අතර තොරතුරු දැනගැනීමේ පනතින් එම ගැටළු මගහැරෙන බව මන්ත්‍රීවරයා පවසා සිටියා.

ඒ මහතාගේ අදහස් දැක්වීමේ සම්පූර්ණ වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 June 2016 16:21

Related items