May 03, 2024

රන්ජන් - මහින්දානන්ද පාර්ලිමේන්තුවේ දී ගුටිබැට හුවමාරුවක

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර ඊයේ (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගුටි බැට හුවමාරුවක් සිදුවූ බව වාර්තා වේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ තිබූ වාහනයක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක් මෙම ගුටි හුවමාරුවට මුල්වී ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටත දී මෙම ගැටුම සිදුවී ඇති අතර එය අනුර කුමාර දිසානායක මහතා , කුමාර වෙල්ගම මහතා යන මන්ත්‍රීවරුන් මැදිහත්ව සමථයකට පත් කර තිබේ.

ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ පසුව පස්‌වරු 3.00 ට පමණ පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ කථානායක කාර්යාලයත් සභා ගැබට මන්ත්‍රීවරුන් පිවිසෙන දොරටුවත් අතර ඇති ලොබියේ දී නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා මෙලෙස එකිනෙකා තල්ලු කර ගනිමින් ගැටුමක්‌ ඇතිකර ගැනීමට උත්සාහ කර ඇත.

මෙම ගැටුමට මුල් වූයේ වචන හුවමාරුවක්‌ බව එම අවස්‌ථාවේ එම ස්‌ථානයේ සිටි මන්ත්‍රීවරයෙක්‌ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව මාධ්‍ය විසින් රංජන් රාමනායක මහතාගෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ , " ඔව්... අපි අතර බහින්බස්‌ වීමක්‌ සිද්ධවුණා. දෙන්නට දෙන්නා තල්ලු කරගත්තා. අපි ගහගන්න ගියා" ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 10:18