May 03, 2024

'ඇමති හරීස් සමග ගැටුමක් නෑ' - ඩිපෙන්ඩරය ගැන විමර්ශනයක්! (VIDEO)

තමා හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හරීස් මහතා අතර කිසිඳු ගැටුමක් නොමැති බවත් ගැටුම පවතින්නේ අලෙවි නියෝජිතයෙක් ලෙස දේශපාලනයට පැමිණ කෝටිපතියෙක් බවට පත්වූ පුද්ගලයෙක් ගැන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය හරිස් මහතා භාවිත කරන ඩිෆෙන්ඩර් රථය හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවභාවිත කර ඇති බවට පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

එම ඩිෆෙන්ඩර් රථය පිළිබඳව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිමටත් රන්ජන් අමාත්‍යවරයා කටයුතු කර තිබේ.  

මේ සිදුවිම පාදක කරගනිමින් තමා හා හරිස් අමාත්‍යවරයා අතර ගැටුමක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කර තිබුණ බවද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ පිළිබඳ ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතා මෙසේ සඳහන් කළේය.

“මෙම වාහනය ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියෝජ්‍ය ඇමති හාරිස්ට ලබාදී තිබෙන බව මුලින්ම කිව්වෙත් මම, එක ඒ හෙළිදරව්ව කරන කොටම මම කිව්වා, එතුමා මේ වාහනයේ අතීතයේ කල දේවල්වලට සම්බන්ද නැහැ, මම එතුමාට චෝදනා කළා කියල ඇතැමුන් එතුමා හා මා අතර ගැටුමක් ඇති කරන්න උත්සහ කරලා තිබුනා, මගේ ගැටුම තියෙන්නේ සේල්ස් රෙප් කෙනෙක් ලෙස දේශපාලනයට පැමිණ දේශපාලනය නිසා කෝටිපතියෙක් වූ පසුගිය ආණ්ඩුවේ හොර ඇමතියත් එක්ක, අද මට විවිධ දේ කියමින් හිනාවෙන්න පුළුවන් ළඟදීම මේකේ තවත් තොරතුරු හෙළිවේවි, මේ වාහනය වසර 5 කට වඩා පාවිච්ච් කල අය සමග“

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 June 2016 12:20