May 03, 2024

මහින්දානන්ද කෝටියක් වන්දි ඉල්ලයි

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් සහ එජාප පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාගෙන් රුපියල් මිලියන 500 බැගින් වූ වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇති බව වාර්තා වේ.

ඊයේ (21) මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීරණයේ හිමිකරුවෙකු නොමැතිව නතර කර තිබූ ඩෙෆන්ඩර් රථය පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අයත් එකක් බවට රංජන් රාමනායක මහතා සහ ආනන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව මීට හේතු වී තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති සොහොයුරෙකු වන ආනන්ද අලුත්ගමගේ මහතා සමඟ ඊයේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයට ගිය රංජන් රාමනායක මහතා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා කරමින් කියාසිටියේ ව්‍යාජ අංක තහඩු සහිත අදාළ රථය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යවරයෙකුව සිටි කාලයේ භාවිතා කළ එකක් බවටයි.‍

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කියාසිටියේ අදාළ රථය ක්‍රීඩා අමාත්‍යංශයට අයත් එකක් බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධියෙන් තමන්ට සිදුවූ අපහාසයට වන්දි ඉල්ලා රංජන් රාමානායක මහතාට සහ ආනන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව  එන්තරවාසියක් යොමුකළ බව අද පැවති මාධ්‍ය හමුවේ දී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියාසිටියේය.

ඊයේ සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ සම්බන්ධව මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ රංජන් රාමනායක මහතා අතර ගුටි බැට හුවමාරුවක් ද සිදුවිය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 13:44