May 03, 2024

'රඟපෑම නවත්වන්න' - රනිල්ගෙන් රන්ජන්ට ඇමතුමක් 

කෝට්ටේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය ආසන්නයේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිනමා පටයක වෙඩි තැබීමේ දර්ශනයකට අදාළව පුහුණුවීම් වල නිරත වෙන බවට එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් නගමින් හෙළි කළේය.

තමා අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට කතා කළ බවත් එම පුහුණුවීම නැවත්වීමට උපදෙස් දුන් බවත් ඊට පිළිතුරු දුන් අගමැතිවරයා සඳහන් කළේය.

උදයශාන්ත මන්ත්‍රීවරයා පැවැසුවේ මන්ත්‍රී නිවාස සංකිර්ණයේ ළමුන්ද  සිටින හෙයින් මෙවැනි දර්ශන දුටු විට ඔවුන් බියට පත්වෙන බවයි. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 10:28