May 05, 2024

ප්‍රකට හිමිවරු පිරිසක් මහ නාහිමි පණිවිඩයක් සමගින් අරගල භූමියට

මහ නාහිමියන්ගේ පණිවිඩයක් රැගෙන ගාලු මුවදොර ජන අරගල භූමියට මහා සංඝරත්නය අද (12) වැඩම කිරීමට නියමිතයි.

ඒ සවස 2.30 ට.

කැඳවුම්කාර මණ්ඩලය

අරගල භූමියට එම පණිවිඩය රැගෙන එන කැඳවුම්කාර මණ්ඩලයට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත , ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප , මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන , මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි සහ මහාචාර්ය පූජ්‍ය එළමල්දෙණිය සාරානන්ද යන හිමිවරුන් ඇතුළත්.

උන් වහන්සේලා මහා සංඝරත්නයේ පණිවිඩයද රැගෙන කොටුව සම්බුද්ධාලෝක විහාරයේ සිට ජන අරගල භූමියට යෑමට නියමිතයි.

අරගලය අඛණ්ඩව

මේ වන විට තරුණ අරගල කරුවන් අඛණ්ඩව 3 වන දිනටත් සිය ඉල්ලීම ඉටු වනතුරු අරගලයේ නියැළී සිටිනවා.

තරුණ අරගලකරුවන්ගේ ඉල්ලීම වන්නේ ජනපතිවරයා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 12 April 2022 09:19