May 05, 2024

අම්මත් එක්ක යතුරුපැදියේ ගිය දරුවා ලොරියට යටවී මිය යයි (PHOTOS)

යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී ඊයේ (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසනවා.

සත්තිර මංසන්ධියේදී මව සහ දරුවා යතුරුපැදියෙන් ගමන් කොට ඇති අතර පිටුපසින් පැමිණි ලොරි රථයක් යතුරුපැදියේ ගැටීම හේතුවෙන් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් 07 හැවිරිදි දරුවා වැටී ලොරි රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසුවා.

අනතුරින් දරුවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර එම ස්ථානයට රැස්වූ විශාල ජනතාවක් විසින් ලොරි රථයට හා එහි රිය දුරුට පහරදී අතරම පසුව එම ස්ථානයට පැමිණ පොලීසිය විසින් තත්වය පාලනය කොට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බවට පොලීසිය සැක පල කරනවා.

අනතුර සිදුවූ ස්ථානය පොලිස් ආරක්ෂාව සපයා නොසන්සුන් වූ ජනතාව පාලනය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)