May 06, 2024

IMF එකෙන් ගන්න පුළුවන් මෙච්චරයි: හිටපු විගණකාධිපති කියයි

නව මුදල් ඇමැති අලි ෂබ්රි මහතා තව නොබෝ දිනකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් හමුවීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූල්‍ය ආධාර බලාපොරොත්තුවෙන්.

මූල්‍ය සහන

එහිදී ශ්‍රී ලංකාවට හිමිවන මූල්‍ය සහන පිළිබඳව අනාවැකියක් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහන පැකේජයක් ලබා ගැනීමට හැකි වුවත් ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක්වත් ලබා ගැනීමට නොහැකි බවයි.

ට්‍රිලියන 20 ක් ණය තිබීම ඊට හේතුව ලෙසයි හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අනතුරු ඇඟවීම

ඒ සමගම මේ වසරේ ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන්ද ඔහු මෙරට ජනතාවට අනතුරු ඇඟවීමක්ද කරනවා.

මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක ණය ගෙවිය යුතු බවත් එය මෙරට ජනතාවට කිසිසේත්ම දරා ගැනීමට නොහැකි වන බවයි විජේසිංහ මහතා සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 12 April 2022 09:21