May 05, 2024

"හොරු එලවන්න - විදෙස් මුදල් එවන්නම්" - විදෙස් රටවලත් විරෝධතා රැල්ලක්

වත්මන් ආණ්ඩුවට එරෙහිව සහ රටේ ආර්ථික, දේශපාලන අර්බුදයට විසඳුම් ඉල්ලා විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර තිබෙනවා.

වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

ජපානය චිබාකෙන්හී නගරයේ තොමිසතෝ ප්‍රදේශයේ, ඇමෙරිකාවේ ලබෙක් නගරය, ජර්මනියේ බර්ලින් නුවර, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් පෙරේදා (10) ඉතාලියේ කතානියා නගරයේදී උද්ගෝෂණයක නිරතවී තිබෙනවා.

වසර 74ක දූෂිත පාලනයට එරෙහිව එක්ව නැගිටිමු - නැගී පරදමු යන තේමාව මුල්කර ගනිමින් විවිධ සටන් පාඪ ප්‍රදර්ශණය කරමින් සහ සටන් පාඨ කියමින් පැවැත්වුණු මෙම විරෝධතාව විදේශගත ඉතාලියේ කතානියා ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණා.

Rate this item
(1 Vote)