May 05, 2024

ඉන්ධන පෝලිමක අනතුරක් - පුද්ගලයෙකු මරුට

යාපනය අච්චුවේලි ඉන්ධන පිරවුම් හලක තිබූ වාහන පෝලිමක සිදු වූ රිය අනතුරකින් වයෝවෘද්ද පුද්ගලයෙකු පෙරේදා (10) රාත්‍රියේ මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

අච්චුවේලි ඉන්ධන පිරවුම් හලකට පෙරේදා සවස ඩීසල් බවුසරයක් පැමිණීමත් සමග ප්‍රදේශයේ වාහන විශාල ප්‍රමාණයක් පෝලිම් ගැසී ඇති අතරතුදී වාහන අතරට ලොරි රථයක් ඇතුල් කීරමට ගත් උත්සහයක් අතරතුරදී එම වාහන අතරින් වයෝවෘද්ධ පුද්ගලයෙකු පාපැදියකින් ගමන් කිරීමේදී ලොරි රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

එහිදී බරපතල තත්වයෙන් සිටි පාපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව පෙරේදා රාත්‍රියේ මිය ගොස් ඇති අතරම ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුව ගනු ලැබුවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි තම්බිපිල්ලෙයි කනගරත්නම් නැමති අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Rate this item
(0 votes)