May 05, 2024

අවුරුද්දට බඩු ගන්න ගිය ජනතාවට වෙච්ච දෙයක්! අලුත් පෝලිමකුත් ඇතිවෙයි

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇදුම් පැලදුම් සහ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනිමට විශාල ජනතාවක් නගරවලට පැමිණ තිබුණා.

කොළඹ, නුගේගොඩ, මහරගම, හෝමාගම, කොට්ටාව ඇතුළු කොළඹින් පිට නගරවලත් විශාල වශයෙන් ජනතාව අවුරුද්දට භාණ්ඩ ලබා ගැනීමට පැමිණ තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා.

වතුකරයේ ජනතාව ඇතුලු ග්‍රාමිය ජනතාව ද ඊයේ (11) විශාල පිරිසක් හැටන් ඇතුළු කදුකරයේ ප්‍රධාන නගර වලට පැමින සිටි බවයි හැටන් වාර්තාකරු පැවසුවේ.

එසේ පැමිනෙන පාරිභෝගිකයන් වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් හැටන් බස් නැවතුම් පොලේ සිට ධාවනයට එක් කර තිබුණා.

නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් පොලිසිය මගින් විශේෂ ආරක්ෂික වැඩපිලිවෙලක්ද දියත් කර තිබුණා.

මේ අතර ඊයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල ඒ.ටී.එම් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනිමට සහ මුදල් යැවිමට ජනතාව පොලිම් වල රැද සිටින අයුරුද දක්නට ලැබුණා.

Rate this item
(0 votes)