May 05, 2024

ගුවන් තොටුපළ සේවකයින්ට ලොකු මුදලක්! වැඩවර්ජනය නවතී

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් ඊයේ (11) උදෑසන වැඩවර්ජනයක් ආරම්භ කළා.

උත්සව අත්තිකාරම් සදහා රුපියල් 25,000 ක් මුදලක් ලබා දීමට එකග වීමත් සමග එම වර්ජනය අවසන් කළ බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා. 

ගුවන් තොටුපළ සේවකයින් නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති සමග සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමග  සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම එකගතාවයට එළඹී තිබෙනවා.

ඒ අඅනුව ඊයේ පස්වරු 02.30 වනවිට මෙම අත්තිකාරම් මුදල සේවකයින්ගේ වැටුප් ගිණුම් වෙත බැර කිරීමට ද පියවර ගන්නා බවට ද මෙම සාකච්ඡාවේදී එකගතාවයකට පැමිණ තිබෙනවා.

මෙම එකගතාවයන් අනුව ගුවන් තොටුපළ සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ රාජකාරී සදහා මේ වනවිට පිටත්ව ගොස් තිබුණා.

Rate this item
(1 Vote)