May 06, 2024

IMF යන්න බැසිල් කැමති වුණා: මේ අයයි ඒක බ්ලොක් කළේ - නව මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබාගැනීම ප්‍රමාද වීමට හේතුව නව මුදල් ඇමැති අලි සබ්රි මහතා හෙළිදරව් කොට තිබෙනවා.

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමේ අවශ්‍යතාවයක් තිබූ බව නව මුදල් ඇමතිවරයා සඳහන් කරනවා.

කැබිනට් මණ්ඩලය

එම කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයෙකු ලෙස තමා එය හොඳින් දන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහෙත් හිටපු භාණ්ඩාගාර ලේකම් , හිටපු මහ බැංකු අධිපතිවරයා (අජිත් නිවාඩ් කබ්රාල් මහතා) සහ ඊට පෙර සිටී මහ බැංකු අධිපතිවරයා (මහාචාර්ය ලක්ෂ්මන්) දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම පිළිබඳ කැමැත්තක් නොදැක්වූ බව අලි සබ්රි මහතා අනාවරණය කරනවා.

ඊට හේතුව කුමක්දැයි තමා නොදන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

විපක්ෂයේ මතය

නව මුදල් ඇමැති අලි ෂබ්රි මහතා එම හේතු දැක්වුයේ ලෝකයේ වෙනත් රටවල විපක්ෂය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට විරෝධය දක්වද්දී මෙරට විපක්ෂය එය කළ යුතු බවට යෝජනා කරද්දිත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවරක් නොගත්තේ මන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

එම ප්‍රශ්නය අලි සබ්රි මහතා වෙත යොමු වූයේ පුද්ගලික රූපවාහිනී සේවයක වැඩසටහනකදී.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 12 April 2022 08:27