May 05, 2024

ස්වාධීන මන්ත්‍රීකම රිවස් කරන රැල්ල ව්‍යාප්ත වන ලකුණු Featured

කණ්ඩායම් 3ක් ලෙස ස්වාධීන වූ ආණ්ඩුවේ මන්ත්‍රීවරු යළිත් ආණ්ඩුව සමග එකතු වෙමින් සිටිනවා.

එසේ එකතු වන්නේ රාජ්‍ය අමාත්‍ය ධුර භාර ගනිමින්.

මාධ්‍ය ප්‍රකාශක

ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා වූ ශාන්ත බණ්ඩාර මහතා මේ වන විට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ජනපතිවරයා එම ධූරය භාරගන්නා ලෙස කළ ඉල්ලීම අහක දැමීමට බැරි නිසා තමන්ගේ භාරගත් බවයි බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

එම ධූරය කලින් දැරුවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතායි.

හිටපු රාජ්‍ය ඇමති

අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම නියෝජනය කරමින් ස්වාධීන වූ ප්‍රියංකර ජයරත්න මහතාද යළි තමන් දැරූ කම්කරු රාජ්‍ය අමාත්‍යධූරය බාරගෙන තිබෙන්නේ ඊට හේතුවක්ද දක්වමින්.

තමන් එම ධූරයෙන් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයා භාර නොගැනීම නිසා තමන් යළිත් එම ධූරයේ වැඩ ධුරයේ වැඩ භාරගත් බවයි ජයරත්න මහතා සඳහන් කර තිබෙන්නේ.

තමන්ට ආණ්ඩුව තුළින් දැඩි අසාධාරණයක් වන බවත් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කිරිමට වැඩ කටයුත්තක් නැති බවත් මීට පෙර ජයරත්න මහතා ප්‍රසිද්ධියේම සඳහන් කළා.

තවත් පිරිසක්

ඒ නිසා තමන් දේශපාලන තීන්දුවක් ගන්නා බවයි ඔහු දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ.

ඉදිරියේදීද ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් වල සිටින කිහිප දෙනෙකු යළි රජය සමග එකතුවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 12 April 2022 08:24