May 08, 2024

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ශාන්ත බණ්ඩාර ඇමති ධූරයක දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (11) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා සිටීමේ හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර මහතා මෙසේ පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද වන ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉවත්ව මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 April 2022 22:11