May 01, 2024

වගකීම් විරහිතව කටයුතු කිරීම ගැන දැඩි කණගාටුවක් - ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ, ආර්ථික, දේශපාලනික අර්බුදයන්ට පැහැදිලි විසදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපේක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිනවා.

ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවැසූවා.

Rate this item
(1 Vote)