May 08, 2024

මුදල් ඇමතිකම බන්දුලට නොදෙන්න හේතුව එලියට

බන්දුල ගුණවර්ධන මහතා කලක පටන්ම බලාපොරොත්තු වූ ඇමතිකමක් තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට පත් වූ දින සිටම ඔහු බලාපොරොත්තු වූයේ ඒ ඇමතිකම.

මුදල් ඇමති සිහිනය

ඒ මුදල් ඇමතිකමයි.

සියලු ඇමතිවරු ඉල්ලා අස්වීමෙන් පසු පත් කෙරෙන නව කැබිනට් මණ්ඩලයේ තමන්ට මුදල් ඇමතිකම ලැබෙතැයි ගුණවර්ධන මහතා බලාපොරොත්තු වුණා.

එහෙත් බලාපොරොත්තු බිඳ දමමින් ජනපතිවරයා මුදල් ඇමතිකම අලි ෂබ්රි මහතාට ලබා දුන්නා.

යළි ඇතිවූ බලාපොරොත්තු

එහෙත් අලි සබ්රි මහතා එම ඇමතිකමේ දිවුරුම් දුන් දිනට පසුදිනම මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වීම මත බන්දුල ගුණවර්ධන මහතා තුළ යළිත් මුදල් ඇමතිකම පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා.

එය තහවුරු වූයේ ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී සභා නායක දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා විසින් බන්දුල ගුණවර්ධන මහතා අමතා මුදල් ඇමතිතුමා කතා කරන්න යැයි කීම නිසා.

එහෙත් බන්දුල ගුණවර්ධන මහතාගේ මුදල් ඇමති සිහිනය මේ වන විට සුන් වී තිබෙනවා.

නුසුදුසුකමට හේතු

ඊට හේතු දෙකක් දකින්නට පුළුවන්.

එකක් යළි අලි සබ්රි මහතා ඇමති වරයාගේ ඉල්ලීම මත මුදල් ඇමැති ධුරයේ වැඩ කටයුතු කිරීම.

ඉතා වැදගත් වෙන්නේ අනිත් කරුණයි.

ජනපති මතය

ඒ බන්දුල ගුණවර්ධන මහතාට මුදල් ඇමතිකම දැරීමට තරම් හැකියාවක් නොමැති බවට ආණ්ඩුවේ ඉහළම තැන් තීන්දු කර තිබීම.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි තැන්වලට ගොස් අදහස් දැක්වීමේ හැකියාවක් ගුණවර්ධන මහතාට නොමැති බවයි ආණ්ඩුවේ ඉහල තැන් වල මතය වී තිබෙන්නේ.

ජනපතිවරයා සිටින්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් කරුණු ඉදිරිපත් කළ හැකි ඇමතිවරයෙක් පත් කළ යුතු යන ස්ථාවරයේ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(4 votes)
Last modified on Monday, 11 April 2022 09:05