May 07, 2024

මහ වැසි මැද ගාලු මුවදොර ජන අරගලය දිගටම! ටෙන්ට්, වැසිකිලි, ප්‍රතිකාර මධ්‍යස්ථානත් ඉදිවෙයි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවය සඳහා එක්වී සිටින පිරිස් තුන්වන දිනයටත් අඛණ්ඩව මේ වන විට ද රැඳී සිටිනවා.

විරෝධතාවයේ යෙදී සිටින ජනතාව ඊයේ උදෑසන සිට ඇද හැලෙන වර්ෂාවද නොතකමින් එම ස්ථානයෙන් රැදී සිටියා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව මෙම විරෝධතාවය පවත්වනවා.

මහ වැස්සේ ජන ගඟක්

පෙරේදා (9) පෙරවරු 9ට පමණ ගාලුමෝදර පිටියට රැස්වූ ජනතාව සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අඛණ්ඩ විරෝධතාවයක නිරත වුණා.

එම පිරිස එදින රාත්‍රිය පහන් කරනු ලැබුවේද ගාලු මුවදොර පිටිය වීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා ඉල්ලා අස් වන තෙක් විරෝධතාවක් අඛණ්ඩව මෙහෙයවන බව විරෝධතාකරුවන් සඳහන් කරන්නේ. 

කූඩාරම්, වැසිකිලි ඉදි කරයි

එහි මේ වන විට විරෝධතාකරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර තිබෙන අතර තාවකාලික වැසිකිළි පහසුකම් ද සපයා තිබෙනවා.

වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබෙන අතර විවිධ පිරිස් විසින් විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර තිබෙනවා.

මේ අතර එම මහජන විරෝධතාවයට එක්වී සිටින පිරිස් සදහා ජංගම වැසිකිලි පද්ධතියක් සවි කිරීමට දැරූ උත්සාහයේ දී නාගරික සංවර්ධන අධිකාරියෙන් ඊට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා. 

වැසිකිලි ඉදිකිරීමට බාධා

විරෝධතා පැවැත්වීම සදහා වෙන් කළ ස්ථානයට ආසන්න ප්‍රදේශයක ජංගම වැසිකිලි පද්ධති 06ක් සවි කිරීමට කටයුතු කර ඇත්තේ නීතිඥවරයෙකු ඇතුළු පිරිසක් විසින්.

පළමුව පොලීසියේ අවසරය මත මෙම ජංගම වැසිකිලි පද්ධතිය අදාළ ස්ථානයේ සවි කර තිබෙනවා. 

පසුව එලෙස ජංගම වැසිකිලි සවිකිරීම සඳහා රජයේ අවසරය නොගත් බවට සඳහන් කරමින් එම ජංගම වැසිකිලි පහසුකම් කුලියට සපයනු ලබන පෞද්ගලික ආයතනයට නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ, අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට සඳහන් කරමින් ප්‍රසන්න නැමැති පුද්ගලයෙකු විසින්.

කෙසේ වෙතත් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් මහින්ද විතානරච්චි මහතා පවසා ඇත්තේ ජංගම වැසිකිලි පහසුකම් සැපයීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන්  අවසරයක් ගැනීමට අවශ්‍ය නොවන බවයි.

Rate this item
(0 votes)