May 02, 2024

බදුල්ලෙන් පාර්ලිමේන්තුවට ආ කොමිටල් තුන

පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 තුළ කැපී පෙනෙන තුන් කට්ටුවක් සිටිනවා.

ඒ මහජන ප්‍රශ්න විසඳීම උදෙසා නොව මහජන නියෝජිතත්වයේ වගකීමවත් තේරුම් නොගැනීම මත කරන වැඩ කටයුතු නිසා.

එකම දිස්ත්‍රික්කය

මෙහි විශේෂත්වය මේ තිදෙනාම එකම දිස්ත්‍රික්කයක් එනම් බදුල්ල දිස්ත්‍රික්කයක් නියෝජනය කිරීමයි.

ඒ පසුගිය මැතිවරණයෙන් එම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පොදු ජන පෙරමුණේ චාමර සම්පත් දසනායක , තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරුන් දෙපළ හා සමගි ජනබලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයායි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවතියේ රට ඉතාමත් තීරණාත්මක ස්ථානයක තිබියදී.

ජනතා බලාපොරොත්තුව

මේ නිසා දින 4ක් පැවැත්වූ පාර්ලිමේන්තු සැසියේදී පවතින ප්‍රශ්න වලට විසඳුම් දෙතැයි ජනතාව බලාපොරොත්තු වුණා.

එහෙත් එවැන්නක් සිදුවූයේ නැහැ.

පසුගිය පාර්ලිමේන්තු සැසියේදී පුද්ගලික ප්‍රශ්නයක් මුල් කොටගෙන ගැටුමක් ඇති කර ගත් තිස්ස කුට්ටිආරච්චි හා චමින්ද විජේසිරි යනවා මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපීමට කතානායක වරයා කටයුතු කළා.

රට හදන්නට බැහැ

ඒ හැරුණු කොට පාර්ලිමේන්තුව අමතා කතාවක් කරමින් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට ඉංග්‍රීසි බැරි බවත් , ඒ නිසා රට හදන්න කටයුතු කිරීමට බැරි බවත්ය.

පවතින ප්‍රශ්න වලට පාලිමේන්තුව විසඳුම් ඉදිරිපත් කළ දිනට තමා යළිත් පාර්ලිමේන්තු පැමිණෙන බවත් එතෙක් තමා පාර්ලිමේන්තු නොපැමිණෙන බවද සඳහන් කරමින් පාර්ලිමේන්තුවෙන් නික්ම ගියා.

මහ ඇමතිකම වැනි යමක් කිරීමේ හැකියාව පමණක් තමාට තිබෙන බවයි මන්ත්‍රීවරයා සිය කතාව තුළදී කියා සිටියේ.

ඔහු හිටපු ඌව මහ ඇමතිවරයාද වනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 11 April 2022 09:04