May 19, 2024

ඇමතිකමෙන් අයින් වුන නාමල්ට බරපතළ වගකීමක්

හිටපු අමාත්‍යවරයෙකු වූ නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ඉදිරියට ගෙන යෑමේ වගකීම භාරගැනීමට නියමිත බව වාර්තා වනවා.

එහි පළමු පියවර ලෙස නාමල් රාජපක්ෂ මහතාව පොදුජන පෙරමුණේ කැදවුම්කරු ලෙස පත් කිරීමට නියමිතයි.

ප්‍රවර්ධන කටයුතු

ඉන් පසු පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් කරගෙන ආ පක්ෂයේ ප්‍රවර්ධන වැඩ කටයුතු නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට නියමිතයි.

ඉකුත් වර්ෂයේදී ජනපතිවරයා විසින් "වියත් මග" සංවිධානයේ වැඩ කටයුතු සඳහාද නාමල් රාජපක්ෂ මහතාව ක්‍රියාකාරීව යොදනු ලැබුවා.

පක්ෂයේ බිඳ වැටීම

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පොදුජන පෙරමුණ දේශපාලන ක්‍රියාකාරිත්වය බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

නාමල් රාජපක්ෂ මහතාට පොදු ඡන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමේ මූලික වගකීම පැවරීම පිළිබඳව වාර්තා කර තිබුණේ දිනපතා ජාතික ඉංග්‍රීසි පුවත්පතක්.

Rate this item
(5 votes)
Last modified on Sunday, 10 April 2022 14:36