May 19, 2024

ජනතාවට අනතුරු ඇඟවීමක්! දැදුරුඔය සහ රජාංගනය වාන් දොරටු විවෘත කරයි

පවතින වැසි හේතුවෙන් දැදුරුඔය සහ රාජාංගනය ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරනවා.

අද (10) පෙරවරුව වන විට දැදුරුඔය ජලශයේ වාන් දොරටු 5 ක් අඩි 03 බැගින් විවෘත කර තිබෙනවා.

විවෘත කර ඇති ජල දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 10,500 ක් දැදුරුඔයට මුදා හැරෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 02 බැගින් විවෘත කර තිබෙන අතර එම ජල දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 4900 ක් කලාඔයට මුදා හරින බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

පවතින තත්ත්වය නිසා දැදුරුඔය සහ කලාඔය පහත් ප්‍රදේශ වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවිය යුතු බවද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරනවා.

Rate this item
(0 votes)