May 17, 2024

තෙල් පෝලිමක තවත් මරණයක්! ඉන්ධන ගත්ත රියදුරු වාහනයේදීම මියගිහින් (PHOTOS)

ඉන්ධන ලබා ගැනීමෙන් පසුව පිටත් වීමට සුදානම් වූමෝටර් කාර් රථයක රියදුරු රිය අසුන තුළදීම මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

අද (10) පෙරවරු 7.30 ට පමණ වෙන්නප්පුව - තඹරවිල ඉන්ධන පිරවුම්හල අසලදී මෙම මරණය සිදුවී ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

මිය ගොස් ඇත්තේ කොච්චිකඩේ - පෝරුතොට පදිංචිකරුවෙන මොහොමඩ් ජෙස්මින් නම් අයෙක්.

මිය ගොස් ඇති අය ඉන්ධන ලබා ගැනීම සදහා මෝටර් කාර් රථයකින් තඹරවිල පිහිටි පිරවුම්හලට පැමිණ තිබෙන අතර ඉන්ධන ලබා ගැනීමෙන් පසුව හෙතෙම තමන් පැමිණි මෝටර් කාර් රථය පදවා ගෙන අඩි කීපයක් ඉදිරියට ගොස් තිබූ බව වාර්තා වනවා.

පසුව එක් වරම මෝටර් රථය නැවතී තිබෙනවා.

එම ස්ථානයේ සිටි පිරිස ගොස් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබූ අතර ඔවුන් දැක ඇත්තේ ඉන්ධන ලබා ගෙන පිටත්ව ගිය තැනැත්තා රියදුරු අසුන තුළම මිය ගොස් සිටි ආකාරයයි.

පසුව ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් මේ බව වෙන්නප්පුව පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

Rate this item
(0 votes)