May 02, 2024

මහ වැසි මැද නොනැවතී ගාලුමුවදොර අරගලය ඉදිරියටම

රට තුළ පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලා ඊයේ (09) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටිය අවට සහ ජනාධිපති කාර්යාලය අසල ආරම්භ වූ විරෝධතාවට පැමිණි පිරිසක් තවමත් එහි රැඳී සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අද (10) උදෑසන සිට කොළඹට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හමුවේ වුවද විරෝධතාකරුවන් සිය විරෝධය පළකරමින් මෙලෙස ගාලුමුවදොර අසල රැඳී සිටීම විශේෂත්වයක්.

විරෝධතා පුවරු ඔසවමින් විරෝධතාකරුවන් පවසන්නේ වත්මන් අදූර්දර්ශී පාලනය අවසන් කරමින් වහාම ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සිය ධුරවලින් ඉවත් වී ගෙදර යන ලෙසයි.

මේ අතර අධික වර්ෂාව මධ්‍යයේ වුවද විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට ආහාර පානවලින් සංග්‍රහ කිරීමට පුද්ගලයින් රැසක් ඉදිරිපත් වී සිටින ආකාරය ද දක්නට ලැබුණා.

Rate this item
(1 Vote)