May 19, 2024

විසඳුමක් හොයා ගත්තොත් කියන්න: එතකන් මම මෙහෙ එන්නේ නැහැ කියා මන්ත්‍රී ගෙදර යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන චාමර සම්පත් දසනායක මහතා අද (8) පාර්ලිමේන්තුව අමතා විශේෂ දැනුම් දීමක් කළා.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයා සඳහන් කළේ රටේ ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු නොකරන බවයි.

මහ ඇමතිකම

තමාට ඉංග්‍රීසි බැරි බව මෙන්ම රාජ්‍ය නායකත්වය ගැනීමට නොහැකි බවත් සදහන් කළ මන්ත්‍රීවරයා තමාට වැඩිම වුනොත් මහ ඇමැති ධූරයක් කිරීමට හැකි බව සභාවට දැනුම් දුන්නා.

දසනායක මහතා හිටපු මහ ඇමතිවරයෙකුද වනවා.

මේ නිසා යළිත් තමා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ රටේ ඇතිව තිබෙන ප්‍රශ්නයට විසඳුමක් යෝජනා කරාට පසු බව මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කළා.

ස්වාධීන කණ්ඩායම

දසනායක මහතා ශ්‍රීලනිපය නියෝජනය කරමින් පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කළ අතර පසුගියදා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ස්වාධීන වීමත් සමඟ ඔහුද ස්වාධීන වුණා.

2015 ජනපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගත්තත් එදා ජනතාව ගියේ ජය ගත් සිරිසේන මහතා සිටින පොළොන්නරුවට නොව පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ නිවසට බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළා.

එහෙත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව මහජනතාව කරන අරගලයෙන් පෙනෙන බවයි ඔහු සඳහන් කළේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 15:30