May 19, 2024

අලි ෂබ්රිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: තීන්දුව රිවස් කළ බව කියයි

තමා තවමත් මුදල් ඇමති බව අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔහු ඒ බව සඳහන් කළේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

එම ප්‍රශ්න කිරීම සිදු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී.

එම විවාදයට සම්බන්ධ වූ අලි සබ්රි මහතා රටේ ණය බර පිළිබඳව අදහස් දක්වමින් සිටියා.

ඒ අවස්ථාවේ ස්ථාවර නියෝග මත නැගී සිටි සුමන්දිරන් අලි සබ්රි මහතා කතා කරන්නේ රටේ මුදල් ඇමැතිවරයා හැටියටද නැද්ද යන්න ප්‍රශ්න කළා.

ඇමතිවරයාගේ ප්‍රතිචාරය

තමා කතා කරන්නේ මුදල් ඇමතිවරයා ලෙස බවයි ඊට පිළිතුරු දෙමින් අලි ෂබ්රි මහතා සදහන් කළේ.

මීට ටික දිනකට පෙර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමෙන් පසු ජනපතිවරයා විසින් ඇමතිවරුන් 4 දෙනකු ඉකුත් 4 වෙනි සදුදා පත් කළා.

එහිදී අලි සබ්රි මහතාව මුදල් ඇමති ධුරයට පත් කළ මුත් ඊට පසු දින එනම් ඉකුත් 5 වැනිදා තබා මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ජනපතිට ලිපියක් යැව්වා.

ප්‍රසිද්ධ වූ ලිපිය

එම ලිපිය ඔහු මාධ්‍ය හරහාද ප්‍රසිද්ධියට පත් කළා.

ඒ අනුව මෙතෙක් ජනතාව සිතා සිටියේ මුදල් ඇමතිවරයෙක් නැති බවයි.

තමා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ජනපතිගේ යැව්වේ ඇමති ධූරයෙන් පමණක් නොව මන්ත්‍රීධූරයෙන්ද ඉල්ලා අස් වීමේ බලාපොරොත්තුවෙන් බව අවධාරණය කළ ෂබ්රි මහතා යළි එම ඇමති ධූරයේ කටයුතු කරන්නේ මන්දැයි යන්න පිළිබදවත් කරුණු සභාවට දැනුම් දුන්නා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 15:36