May 19, 2024

ඔය දෙකටම අපි ලෑස්තියි: විජිත හේරත් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ජනපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට ජාතික ජන බලවේගය සහාය දෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

දෝෂාභියෝගයකට පමණක් නොව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊටද සහාය දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අර්බුදයට විසදුම

රටේ ඇතිව තිබෙන අර්බුදයට විසඳුම තිබෙන තැන තමන් හඳුනාගෙන තිබෙන බව ඔහු සඳහන් කරනවා.

ඒ රටේ නායකත්වය ඉවත් වීම බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මෙරට පමණක් නොව ජාත්‍යන්තරවද ලාංකිකයන් ඉල්ලා සිටින්නේ ඒ බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ධුරයෙන් ඉවත් වීම

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ජනපතිවරයා සිය ධූරයෙන් ඉවත් වීමෙන් තොරව විසඳුමක් ගැන කතා කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවයි.

ජනපතිවරයා ධුරයෙන් ඉවත් නොවන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එසේ නම් ඊට විසඳුමද පාර්ලිමේන්තුව තුළ තිබෙන බව සඳහන් කළා.

ඊට විසඳුම ඔහුට එරෙහි දෝශාභියෝගය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 15:25